රාජපක්ෂ රෙජීමය පන්නා දමන්න අවශ්‍ය යැයි කියන අයට දැන් අවස්ථාව ලබා දී ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.
මහවැලි ඉඩම් ලාබින්ට ඔප්පු ලබාදීමේ උත්සවයක් කැකිරාව මඩාටුගම දී පැවැත්වූ අතර එහිදී ජනතාව අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
ජනතාව ලබාදුන් ඡන්දයට රජය හා ජනාධිපතිවරයා ණය නැති බවත්, ජනතාවගේ සතුට තමන්ගේ සතුට බවත් හෙතෙම කියා සිටියේය.
30 වසරක යුද්ධය නිමාකර නොබෙදුණු ඒකීය රටක් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රට තුළ බිහිකර ඇති බවද ඒ මහතා පැවසුවේය.

Post a Comment