කොස්ලන්ද, මීරියබැද්ද නායයාමෙන් මිය ගිය හා අතුරුදන් වූ සම්පූර්ණ ගණන 37ක් යැයි ආපදා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර මහතා කියයි.
පසුගිය දින කිහිපය පුරා කළ සෝදිසි මෙහෙයුමේදී මියගිය පුද්ගලයින් 13 දෙනෙකුගේ සිරුරු සොයාගත් බවද ඒ මහතා පවසයි.
ඒ අනූව තවත් 24 දෙනෙකු අතුරුදන්ව ඇති බවට තහවුරු වී ඇති බවත්, ඥාතීන්ගේ ඉල්ලීම් මත මළ සිරුරු සෙවීමේ කටයුතු නතර කළ බවත්, ඇමතිවරයා සඳහන් කරයි.
මියගිය පුද්ගලයින් සඳහා මරණ සහතික නිකුත් කිරීමේ කටයුතු බණ්ඩාරවෙල හා හල්දුම්මුල්ල බාර ප්‍රාදේශීය ලේකම්වරයා මාර්ගයෙන් සිදුකරන බවද ඔහු පවසයි.
එසේම නායයාමට ලක්වූ ප්‍රදේශය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් එම ස්ථානයේ ස්මාරකයක් ඉදිකිරීමටත් පියවර ගන්නා බව ඇමතිවරයා වැඩිදුරටත් කියයි.

Post a Comment