කසළ තේ ඇද්ද 5ක් අධිවේගයෙන් මාට්ටු

කසළ තේ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම අසළ දී අත්අඩංගුවට ගෙන තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කළ ලොරි රථයක් පරීක්ෂා කිරීමේ දී කසළ තේ කිලෝග්‍රෑම් 4900ක් සොයාගෙන ඇති බව සඳහන්ය.


එහිදී ලොරි රථයේ රියදුරු සහ එහි ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරුවන් වෙලන්ගොඩ, දවුල්ගල සහ රත්නපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment