පොලීසියේ 5ක් මැරුවැයි චෝදනාලත් දෙන්නා යළි රිමාන්ඩ්

කන්තලේ ආරක්ෂක සම්බන්ධීකරණ ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 05 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු කේමා ස්වර්ණාධිපති මහත්මිය විසින් ඔවුන් ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කාතිලින්ගම් විජේරත්නම් සහ ලච්චිමන් මොහාන් නමැති පුද්ගලයින් දෙදෙනෙකි.


1997 වසරේ ජනවාරි මස 01 වන දින හෝ ඊට ආසන්න දිනක දී මොල්ලිපොතාන, සේනවල්ලිකුලම් ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


කන්තලේ ආරක්ෂක සම්බන්ධීකරණ ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 05 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ ගිනිඅවි ළඟ තබා ගැනීම යන සිද්ධීන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා එල්ලකර තිබුණි.



Post a Comment