තුර්කි ජාතිකයින් 3ක් ලංකාවේදී ක්‍රෙඩිට් කාඩ් වංචාවක

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරමින් මෙරට ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර වලින් මුදල් ලබාගත් විදේශීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රී පුද්ගලයින් දෙදෙනෙකු පාමංකඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


අනෙක් පුද්ගලයා අද අළුයම 05 ට පමණ කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගත් බව අජිත් රෝහණ මහතා පැවසුවේය.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තුර්කි ජාතිකයින් තිදෙනෙකි.


ඔවුන් සතුව තිබී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් 04 ක්, රුපියල් තුන් ලක්ෂ 50,000 ක් සහ විදේශීය මුදල් තොගයක් සොයා ගෙන තිබේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Post a Comment