ගාඩ්මෝර් වතුයායටත් අවදානම එයි - පුද්ගලයින් 201 ඉවතට

මස්කෙළිය, ගාඩ්මෝර් වතුයාය ආසන්නයේ ඇති කන්දක් නායයෑමේ අවදානම හේතුවෙන් පවුල් 47 ක් ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසුවේ මේ හේතුවෙන් අදාළ පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කළ බවයි.


පවුල් 47 කට අයත් පුද්ගලයින් 201 දෙනෙකු මෙලෙස ආරක්ෂිත ස්ථානකරා යොමුකර තිබේ.


එම පුද්ගලයින්ට අවශ්‍ය ආහාරපාන සහ අනෙකුත් පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බව ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසුවේය.


අදාළ නායයෑම් අවදානමට ලක්ව ඇති භූමිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් පරීක්ෂා කිරීමට නියමිතය.



Post a Comment