බස් අනතුරින් 17ක් රෝහලේ

රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ කවුඩුවාව ප්‍රදේශයේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඇඹිලිපිටිය සිට රත්නපුර බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස්රථයක පිටුපසින් පැමිණි තවත් බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.


අනතුරෙන් තුවාල ලැබූවන් කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.


අනතුර සම්බන්ධයෙන් බස් රථ දෙකේ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර රක්වාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment