ධීවර අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුවු ගැටුම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට රජය තීරණය කර තිබේ.
රාජ්‍ය ආයතන පරිශ්‍රයක් තුළ ධීවර ජනතාව ඉලක්ක කරගනිමින් සිදුවු පහරදීම සම්බන්ධයෙන් රජය කණගාටුව පළ කරන බව ද සඳහන් වෙයි.
තම ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ධීවරයින් පිරිසක් පෙරේදා කොළඹ ධීවර අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණි.
එම උද්ඝෝෂණය අතරතුර ධීවර අමාත්‍යංශ භූමියේ සිටි පිරිසක් ධීවරයින්ට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළේය.
මේ හේතුවෙන් දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හටගත් අතර ඉන් කිහිපදෙනෙකුට ද තුවාල සිදුවුණි.
ධීවරයින් චෝදනා කළේ ධීවර අමාත්‍යවරයාගේ අනුදැනුම මත ක්‍රියාත්මක වු මැර පිරිසක් අමාත්‍යංශ භූමියේ සිට තමාට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බවයි.
එහෙත් ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ දේශපාලන උවමනා මත උසිගැන්වු පිරිසක් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබු බවයි.
Post a Comment