අඹගමුව උප සභාපති 29 තෙක් රිමාන්ඩ්

අඹගමුව ප්‍රාදේශිය සභාවේ උප සභාපති රුක්ෂාන් රණසිංහ මහතා මෙම මස 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හැටන් වැඩබලන මහේස්ත්‍රාත් එස්.රාම් මූර්ති මහතා විසින් මෙම නියෝගය ලබා දුන් බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.


රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් 18 වැනිදා ඔහුගේ ආධාරකරුවෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව එම පොලිස් ස්ථානයට ගොස් විරෝධය පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උප සභාපතිවරයාට චෝදනා එල්ල වී තිබුණි.


උප සභාපතිවරයා සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු සමඟ ඊයේ මස්කෙළිය පොලිසියට පැමිණ භාර වී තිබේ.


අඹගමුව ප්‍රාදේශිය සභාවේ උප සභාපති රුක්ෂාන් රණසිංහ මහතා මීට පෙරද අවස්ථා කිහිපයකදීම මස්කෙළිය පොලිසියට බලපෑම් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.



Post a Comment