සදාකාලික සහජීවනයෙන් යුත් සමාජයක් ගොඩනැගීමේ කාලයයි මේ

ජන වර්ග අතර සාමය සංහිදියාව ගොඩනංවා සදාකාලික සහජීවනයෙන් යුත් සමාජයක් ගොඩනැංවීමට කාලය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය දී.මු.ජයරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එමගින් රටේ ස්ථිරසාර සංවර්ධනයක් අත්කර ගැනීම සඳහා මගපෑදෙන බවයි.


ක්‍රෝදය දුරලා මෛත්‍රිය, කරුණාව දැල්වීම මගින් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට පහසු වනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි.


අදට යෙදී ඇති දීපාවලී උත්සවය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දී.මු.ජයරත්න මහතා මේ බව පැවසුවේය.


එමගින් ඔහු තවදුරටත් පවසන්නේ මේ වනවිට ආණ්ඩුව 30 වසරක යුද්ධයෙන් අඩාල වු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආණ්ඩුව පියවර රැසක් ක්‍රියාවට නංවමින් සිටින බවයි.



Post a Comment