තොග වශයෙන් කුඩු අවශ්‍ය නම් අගමැති කාර්යාලය අමතන ලෙස ජ.වි.පෙ බස්නාහිර පළාත් කණ්ඩායම් නායක ලාල් කාන්ත මහතා පවසයි. රත්මලාන ගොවිපලවත්ත හන්දියේදී පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේද කීය.
'රටේ පිරිහීමට මේ ආණ්ඩුව වගකිව යුතුයි. අද රටේ කුඩු මුදලාලිලාට කුඩු තොග වශයෙන් ගන්න ඕන නම් දුරකතන ඇමතුමක් දෙන්න ඕනේ අගමැති කාර්යාලයට.
පාර්ලිමේන්තුව ගත්තාම ඇමතිවරුන් 105ක් ඉන්නවා. ඔය පාර්ලිමේන්තුවෙන් වැඩි හරියක් ඉන්නේ හොර කල්ලියක්.මේ හොරු දැන් මේ දේශපාලනය රාමුවෙන් පන්නා දමන්න කාලය එළඹිලා තියෙනවා.සන්ධානයේ පක්ෂ නායකයා උදය ගම්මන්පිල මහත්තයා. එයා තමයි ඒ පක්ෂයේ ඉන්න ලොකුම බොරුකාරයා.උපාධිධාරීන්ගේ ප්‍රශ්න වෙනුවෙන් හැමදාමත් සටන් කළේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා තමයි උපාධිධාරීන්ට මේ ආණ්ඩුවෙන් රැකියා ලබා දුන්නේ'
Put the internet to work for you.
Post a Comment