විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය ලබාදෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන්නේ නම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමේ තීරණයේ වෙනසක් නොමැති බව ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියෝ පවසති.
විපක්ෂයේ ඒකාබද්ධ පක්ෂ සහ අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙටක් සංවිධානයේ මෙහෙයවීමෙන් කොළඹදී පැවැත්වුණු ජන රැළිය අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරණය පවත්වන බවට නිවේදනය කළ විට ආණ්ඩු පක්ෂයේ සිට මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයට පැමිණෙන බවද රතන හිමියෝ පැවසූහ.
මෙම රැළිය අමතමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ විධායක ජනාධිපතික්රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට වගකියන ආණ්ඩුක්‍රමයක් බිහිකිරීම සඳහා සියල්ලන්ම එක්විය යුතු බවයි.
Post a Comment