මීගමුව-වැල්ලෙවීදිය ප්‍රදේශයේ පල්ලියක රැඳී සිටින පකිස්ථාන ජාතික සරණාගතයින් පිරිසකට එල්ලවූ පහරදීමක් හේතුවෙන් 9 දෙනෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
ඒ අනුව පකිස්ථාන ජාතික පිරිමින් 8 දෙනෙකු හා එක් ස්ත්‍රීයක මෙලෙස තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අද (22) ප.ව 3.00 ට පමණ 18 හැවිරිදි පකිස්ථාන ජාතික තරුණයෙකු ප්‍රදේශයේ තරුණ පිරිසක් සමග ඇතිවුණු බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් එකී තරුණයාට අදාළ පිරිස විසින් පහරදී තිබේ.
අනතුරුව ගුටි කෑ තරුණයා තමා රැඳී සිටින පල්ලියට ගිය පසු ප්‍රදේශයේ තරුණ පිරිස් එකී පල්ලියට කඩාවැදී පහරදී ඇති බවත්, එයින් සෙසු පිරිසකටද තුවාල සිදුවී දොර, ජනෙල්වලට පවා හානි සිදුව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.
Post a Comment