මහ කන්නයේ වී මිලදී ගැනීම අද ඇරඹේ


මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බව ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසයි.


දිවයින පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වී මිලදී ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.


මෙහි නිල උත්සවය අද පෙරවරුවේ නිකවැරටිය වී අලෙවි මණ්ඩල ගබඩා සංකීර්ණයේදී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


කීරි සම්බා වී කිලෝවක් රුපියල් 50 කට, සම්බා වී කිලෝවක් රුපියල් 45කට සහ නාඩු වී කිලෝවක් රුපියල් 40කට මිලදී ගැනීමට නියමිතය.


එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2000 ක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා සඳහන් කළේය.



Post a Comment