දිස්ත්‍රීක්ක කිහිපයක හෙට ආපදා පෙරහුරුවක්

හෙට දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක සුනාමි, නායයෑම් සහ ගංවතුර පෙරහුරු වැඩසටහනක් පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා තිබේ.

අනුරාධපුර, පොළොන්නරුව, වව්නියාව, මොණරාගල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල හෙට පෙරවරු 11.00 සිට පස්වරු 12.00 දක්වා ගංවතුර පෙරහුරුව සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.


නායයාමේ පෙරහුරුව සහ දැනුවත් කිරීමේ වැඩසටහන රත්නපුර,නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, මාතලේ සහ නුවර යන දිස්ත්‍රික්කවල පස්වරු 02.00 සිට පස්වරු 03.00 දක්වා පැවැත්වෙයි.


අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට, මාතර, ගාල්ල, ගම්පහ, කොළඹ, පුත්තලම, මන්නාරම, යාපනය, මුලතිව්, කිළිනොච්චි යන දිස්ත්‍රික්කවල සුනාමි පෙරහුරුව පස්වරු 03.00 සිට පස්වරු 04.00 දක්වා පැවැත්වීමට නියමිතය.



Post a Comment