කහවත්ත - කොටකෙතනින් තවත් මළ සිරුරක්

කහවත්ත, කොටකෙතන ඇළේ තිබි කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ. අද (22)පස්වරු 03.00 ට පමණ මෙම මළසිරුර සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

අදාළ කාන්තාව ඊයේ පස්වරුවේ දීපවාලි උත්සවයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා කහවත්ත නගරයට පැමිණ තිබේ.


අනතුරුව ඇය යළි නිවසට ගොස් ඇති අතර ඇගේ මුදල් පසුම්බිය නැතිවී තිබීම හේතුවෙන් නැවත කහවත්ත නගරය බලා පැමිණ ඇති බව වාර්තා වේ.


ඇය නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්ය.


ඒ අනුව සිදුකළ විමර්ශන වලදී ඇගේ ජංගම දුරකථනය සහ කුඩය උඩයාය ප්‍රදේශයේ කෝවිලක් අසළ තිබි ඊයේ පස්වරුවේ සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.


පසුව ඇගේ මළ සිරුර අද පස්වරුවේ කොටකෙතන ඇලේ තිබි සොයා ගෙන තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි උඩයාය, ඕපාතවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.



Post a Comment