එම සංගමයේ සභාපති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ හැකිතාක් කඩිනමින් සරසවිය විවෘත කරන බවට පාලනාධිකාරිය විසින් දැනුම්දී ඇති බවයි.
ශිෂ්‍ය ප‍්‍රජාව සහ පාලනාධිකාරිය අතර මැදිහත්කාර භූමිකාවෙන් ආචාර්ය සංගමය ඉවත්ව සිටිය ද සිසුන් නැවත කළ ඉල්ලීම ප‍්‍රකාර ව 2014.10.20 දින විධායක සභාව කැඳවා ලද අනුමැතියෙන් උපකුලපතිවරයා සමග සාකච්ඡා කිරීම සිදුකළ බව එකී නිවේදනයේ දැක්වෙයි.
එසේම විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය සහ ආචාර්ය සංගමය අතර ඇතිකර ගත් එකඟතාවෙහි එක් කරුණක් වන ශිෂ්‍ය නිලවරණවල දී “ සිසුන්ගෙන් 50% කට වැඩි පිරිසක් ඡන්දය ප‍්‍රකාශ කළ යුතු ය” යන වගන්තිය නීතිමය තත්වයක් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලිකාංග ද සැලකිල්ලට ගනිමින් නැවත අවධානයට ගැනීමට තීරණය කළ බවද ඔහු සඳහන් කරයි.
ඒ අනුව එකී වගන්තිය එකඟතා ලියැවිල්ලෙන් ඉවත් කර ගැනීමට අදාළ ඉල්ලීම 2014.10.17 දිනැති ලිපියෙන් උපකුලපතිවරයාට යොමු කර ඇති බවද සඳහන්ය.
“සිසුන්ගෙන් 50%ට වැඩි පිරිසක් ඡන්දය ප‍්‍රකාශ කළ යුතු ය”යන වගන්තිය පිළිබඳ ව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයෙන් (FUTA) ලද නීතිමය කරුණු දැක්වීම් හා මග පෙන්වීම ද සැලකිල්ලට ගෙන අපගේ සමස්ත සාමාජිකත්වය දැනුම්වත් කළ අතර එකී වගන්තිය ඉවත් කිරීමට විධායක සභාවෙන් අනුමැතිය හිමිවූ බවද සුනිල් සෙනෙවි මහතා අදාළ නිවේදනයෙන් පෙන්වාදෙයි.
එසේ වුවද“ සිසුන්ගෙන් 50%ට වැඩි පිරිසක් ඡන්දය ප‍්‍රකාශ කළ යුතු ය”යන වගන්තිය පිළිබඳ ව පාලනාධිකාරිය ද නීති උපදෙස් විමසා ඇති අතර නීතියෙන් එය අභියෝගයට ලක් වන්නේ නම් එය ඉවත් කර ගැනීමට ද සිසුන් එකඟ වූ බව ද කියැවෙයි.
සිසුන් අට දෙනෙකුගේ පංති තහනම ඉවත් කිරීමට අදාළ අභියාචනා සිසුන්ගෙන් ලබාගෙන පාලනාධිකාරිය වෙත භාර දීමට අපේක්ෂා කරන බවත්,ආචාර්ය සංගමය සහ විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය ඇති කරගත් එකඟතා ලියැවිල්ල ප‍්‍රකාර ව ඉදිරිකි‍්‍රයාමාර්ග ගනු ඇතැයි උදක් ම විශ්වාස කරන බවත් එකී නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
Post a Comment