ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදි දියේ ගිළීම හේතුවෙන් මියගොස් තිබේ.
පිහිණුම් තටාකයක දියනාමින් සිටි තරුණයෙකු සහ මුහුදේ දියනාමින් සිටි තරුණයෙකු මෙලෙස මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මියගොස් ඇත්තේ 23න් හැවිරිදි සහ 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.
රාත්‍රී කාලයේ සිය මිතුරන් සමඟ හෝටලයක පිහිණුම් තටාකයක දියනාමින් සිට ඇති 23න් හැවිරිදි තරුණයාගේ මළ සිරුර උදෑසන එහි සේවකයින් විසින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
අනෙක් තරුණයා සිකුරාදා පස්වරුවේ මුහුදේ දියනාමින් සිටියදී දියේ ගිළී ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

Post a Comment