ලංකා සතොස ප්‍රධාන අලවිසැල් හරහා සහන මිලට සහල් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය පවසයි.
දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි එම අලවිසැල්වලින් පාලන මිලට වඩා අඩු මිලට සහල් මිලදී ගැනීමේ හැකියාව පවතින බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 76කට සුදු කැකුළු රුපියල් 64කට සහ සුදු නාඩු රුපියල් 67 කට මිලදි ගත හැකියි.
ඊට අමතරව ලංකා සතොස හරහා ලොරි මාර්ගයෙන් ප්‍රධාන නගර ආශ්‍රිතව මෙම මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළේය.
වෙළඳපොළ තුළ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Post a Comment