කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේ සිව්හැරිදි පමාරා කේෂණි දැරිය පැහැර ගැනීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ඉලේපෙරුමආරච්චිගේ ගාමිණී (32) හෙවත් ග්‍රීස් ගාමිණි ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය අද ලබාදී ඇති බව අද දෙරණ වාර්තාකරු කීවේය.
මෙම සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකරුගේ මව බව පැවසෙන රණසිංහ ආරච්චිලාගේ ගුණවතී හා ඇයගේ අනියම් සැමියා බව පැවසෙන ප්‍රේමසිරි රාජපක්ෂ යන සැකකරුවන් ද ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය මීට පෙර නියෝග කර ඇත.

Post a Comment