මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කර ඇති නමුත් ඒ ගැන මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්දැයි එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විභාග කොමසාරිස්වරයාගෙන් විමසයි.
මේ ඒ ගැන ස්ටාලින් මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයයි.
2014 අපොස උසස් පෙළ විභාගයේ හින්දි භාෂාව ප‍්‍රශ්න පත‍්‍රයේ දෝෂ ගණනාවක් පැවතියත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තතුවේ අවධානය යොමුව නැත. විශේෂයෙන් භාෂාව ප‍්‍රශ්න පත‍්‍රයක නොතිබිය යුතු වියරණ දෝෂ, අක්ෂර වින්‍යාස දෝෂ, විෂය නිර්දේශ සැලකිල්ලට නොගැනීම, නිර්දිෂ්ඨ ග‍්‍රන්ථ පිළිබඳ සැලකිලිමත් නොවීම හා උපුටා ගැනීමේ දෝෂවලින් යුක්තය. මෙවර හින්දි භාෂාව II ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න අංක 1.2, ප‍්‍රශ්න අංක 3, ප‍්‍රශ්න අංක 6.2, ප‍්‍රශ්න අංක 7 පැහැදිලි දෝෂ සහිතව සකස් වී ඇත.
එසේම 2013.09.11 වන දින කැලණිය විශ්ව විද්‍යාලයේ හින්දි අධ්‍යයන අංශය 2013 වසරේ අපොස උසස් පෙළ හින්දි විෂයේ දෙවන ප‍්‍රශ්න පත‍්‍රය සම්බන්ධයෙන් පවතින ගැටළු සහගතභාවය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයාට ද පිටපතක් සහිතව ජනාධිපතිතුමාට ලිපියක් යොමු කර ඇත. කැලණිය විශ්ව විද්‍යාලයේ හින්දි අධ්‍යයන අංශයේ අංශ ප‍්‍රධානී මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ මහතා ඉහත ලිපිය යොමු කොට ඇති අතර එවැනි ලිපියක් තිබියදීත් 2014 ප‍්‍රශ්න පත‍්‍රය දෝෂ සහිතව සකස් කොට ඇත.
2007 වසරේ සිට ම හින්දි ප‍්‍රශ්න පත‍්‍රයේ පවතින දෝෂ පිළිබඳව හින්දි භාෂා ගුරුවරු 31 දෙනෙකුගේ අත්සනින් විභාග කොමසාරිස්වරයාට ද පිටපතක් සහිතව ජනාධිපතිතුමාට ලිපියක් යොමු කොට ඇත. එසේම ශී‍්‍ර ලංකා හින්දි ගුරු පර්ෂදය ද හින්දි භාෂාව ප‍්‍රශ්න පත‍්‍රයේ ගැටළු සම්බන්ධයෙන් 2011.03.14 දිනැතිව විභාග කොමසාරිස්වරයාට කරුණු ඉදිරිපත් කොට ඇත.
මෙවැනි පසුබිමක හින්දි භාෂාව ප‍්‍රශ්න පත‍්‍රය ගැටළු සහගතව නිර්මාණය වීම විභාගයට පෙනී සිටි දරුවන්ට බරපතළ අසාධාරණයක් වන බැවින් 2014 හින්දි භාෂාව ප‍්‍රශ්න පත‍්‍රයේ දෝෂ සම්බන්ධයෙන් ගන්නා කි‍්‍රයාමාර්ගය පැහැදිලි කරන ලෙසත්, 2007 වසරේ සිට ප‍්‍රශ්න පත‍්‍රයේ පවතින දෝෂ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ගත් කි‍්‍රයාමාර්ග පැහැදිලි කරන ලෙසත් ලංකා ගුරු සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.
ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

Post a Comment