තිස්ස නායකත්ව මණ්ඩලයෙන් අස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා එජාප නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය මේවන විට එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ හා නායකත්ව මණ්ඩල සභාපති කරූ ජයසූරිය යන මහත්වරුන්ට යොමුකර ඇති බව පක්ෂයේ නිල ආරංචි මාර්ග සඳහන් කරයි.


එසේම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ ලිපිය බාරගෙන ඇති බව ද වාර්තා වේ.



Post a Comment