නියෝජ්‍ය නායකත්වය යළි සජිත්ට - හෙට අලියා වෙනස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ හෙට දිනයේ සිදුවීමට නියමිත ඉහළපෙල තනතුරු හුවමාරුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට යළි නියෝජ්‍ය නායකත්වය ලබාදීමට නියමිතව තිබේ.

එසේම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාද, පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාද පත්වීමට නියමිත බව පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මේවන විට මහලේකම් ප.ම තිස්ස අත්තනායක මහතා එජාප නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වී ඇති අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ ලිපිය බාරගෙන ඇති බව ද වාර්තා වේ.


එසේම මෙවර ඌව පළාත් සභා මැතිවරණයේදී කැපී පෙනෙන ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් හරීන් ප්‍රනාන්දු මහතාටද සැලකිය යුතු තනතුරක් ලැබෙනු ඇති බව සඳහන්ය.



Post a Comment