හිටපු ජනපති නැවත පක්ෂ සභාපති ලෙස පත්වුණා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පක්ෂ මධ්‍යම කාරක සභාව නැවත පත්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඒ මධ්‍යම කාරක සභාවේ බහුතර කැමැත්ත අනුව බවත්, එහි මධ්‍යම කාරක සභිකයින් 42ක් සිටින බවත් ඒ මහතා පවසයි.


කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මධ්‍යම කාරක සභිකයින් පිරිසක් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත්කළ බවයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ “12/2“ ආ වගන්තිය අනුව පක්ෂයේ කිසියම් පුද්ගලයෙකු රටේ ජනාධිපති වූවහොත් ඔහුට නිදහස් පක්ෂයේ සභාපතිධුරය හිමිවනු ඇති බව එහිදි කියැවුණි.


එහි වැඩිදුර විස්තර පහතින් කියවන්න.



Post a Comment