යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී එක් අයෙක් මරුට

යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතළ ලෙස තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (14) සවස 6.00 ට පමණ හලාවත - කොළඹ මාර්ගයේ මයික්කුලම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


අනතුරින් මිය ගොස් ඇත්තේ හලාවත - මයික්කුලමේ පදිංචිව සිටි ජයසිංහ මුදියන්සේලාගේ ප්‍රේමසිරි නම් අයෙකි.


අනතුරින් තුවාල ලබා ඇති කාක්කපල්ලිය - පොන්නන්කන්නිය පදිංචි දිසානායක මුදියන්සේලාගේ සුරංග දිසානායක යන අය හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.


හලාවත පොලීසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.



Post a Comment