ජනපති උපදෙස් හමස් පෙට්ටියට?- මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් නොසැලකිල්ලෙන් - හාල් මිල නඟී!

වෙළදපොළේ සහල් මිල ඉහළයාමේ ගැටළුව සම්බන්ධයෙන් ඉදිරි සති 02 තුළ විසදුම් ලබාදෙන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා පවසයි.

මේ වනවිට වෙළදපොළ තුළ සහල් මිල සීඝ්‍රලෙස ඉහළ ගොස් ඇති අතර ඇතැම් සහල් වර්ග වල හිඟයක් ද පවතියි.


සහල් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත් කර ඇති නමුත් එම මිලට වෙළදපොළ තුළ සහල් නොමැති බව පාරිහෝගිකයින් පවසයි.


රතු කැකුළු සහල් කිලෝවක් සඳහා පාලන මිල රුපියල් 66ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ ද මේ වනවිට වෙළදපොළේ එම සහල් කිලෝවක් රුපියල් 80 කටත් වඩා වැඩි මිලකට අලෙවි කෙරේ.


එමෙන්ම බොහෝ ප්‍රදේශවල රතු කැකුළු සහල් හිඟයක් ද පවතී.


මේ අතර පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් සහල් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබේ.


පසුගියදා ජනාධිති මහින්ද රාජපක්ෂ මහතාගෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් සිදුකළ ඉල්ලීමකට අනුව සහල් ආනයනය කිරීමට උපදෙස් ලබා දී ඇත.


එහෙත් මුදල් අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරීන් ඊට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම ප්‍රමාද කර ඇති බව වාර්තා වේ.


සහල් ආනයනය කිරීමට උපදෙස් ලබාදී තිබියදීත් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම වෙළඳපොළ තුළ පවතින සහල් හිඟය තවදුරටත් වර්ධනයවීමට බලපා ඇත.



Post a Comment