තමිල්නාඩුවේ‍ වෙසෙන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනයා‍ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතුයි

තමිල්නාඩු ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සහ සරණාගතයින් සම්බන්ධයෙන් ඉන්දීය රජය විශේෂ අවධානයක් යොමුකළ යුතු බව එරට දෙමළ ජාතික පෙරමුණේ නායක පි. නෙදුමාරන් පවසයි.

ශ්‍රී ලංකාව තුළ වෙසෙන දෙමළ ජාතීන්ගේ සමානාත්මතාවය, ගරුත්වය හා සාධාරණත්වය සුරැකෙන පරිදි කටයුතු කිරීමට පියවර ගත යුතු බව පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවු අවස්ථාවේ දී ප්‍රකාශ කර තිබුණි.


ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සැලකිල්ලට ගනිමින් පී.නෙදුමාරන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රි ලාංකේය දෙමළ ජනතාවගේ සැබෑ තත්ත්වය පිළිබඳ අනාවරණය කරගැනීම සඳහා විශේෂ අධ්‍යයනයක් සිදුකළ යුතු බවයි.



Post a Comment