හිටපු අගවිනිසුරුවරියගේ චෝදනා ගැන පරිගණක පිරික්සන්න අවසරයි

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක මහත්මියට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂිත පරිගණක සාක්ෂි පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂඥයින්ට අවස්ථාව ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබේ.

අදාළ බැංකු ගිණුම් පිළිබඳ විස්තර හෙළි නොකිරීම සම්බන්ධ නඩු විභාගය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබිණි.


එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ විත්තිකාර පාර්ශවයේ ඉල්ලීම පරිදි ඔවුන් විසින් නම් කර ඇති විශේෂඥයින්ට ලබන 03,04 සහ 05 යන දිනවල දී පරිගණක සාක්ෂි පිළිබඳ සොයා බැලීම සඳහා අවසර ලබාදෙන බවයි.


නඩු විභාගය සැප්තැම්බර් මස 26 වන දින යළි කැඳවීමට නියමිතයි.



Post a Comment