මගේ ගම මාතර.. මුත්තා කඹුරුපිටියේ O.I.C. ආච්චි කඹුරුපිටියේ මන්ත‍්‍රී

තමන්ගේ ගම මාතර බවත් ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලැබුවත් මහින්ද චින්තන ප‍්‍රතිපත්තිවලට ඉතාමත් කැමති යයි සන්ධානයේ මාතර දිස්ති‍්‍රක් අපේක්ෂිකා අනර්කලී ආකර්ශා මෙනවිය පවසයි.

මාතර ප‍්‍රධාන බස් නැවතුම්පොළ අසල පැවැත්වූ ජන හමුවකදී ඇය කියා සිටියේ තමන් අවුරුදු 18 සිට ජනාධිපතිතුමන් සමඟ වැඩ කරන බවයි.

'මාතර කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ස්වයං රැකියා වැඩපිළිවෙළක් හා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉංග‍්‍රීසි භාෂාව ව්‍යාප්ත කිරීමට වයස් භේදයකින් තොරව දිස්ති‍්‍රක්කයේ සියලූ දෙනාට තම පුද්ගලික මුදලින් ඉංග‍්‍රීසි පන්ති පවත්වනවා.


මම කලාවෙදී වගේම දේශපාලනයේදීත් නොසැලී ඕනෑම දෙයකට මුහුණ දෙන්න පුළුවන් කාන්තාවක්.කොපමණ අභියෝග වලට මුහුණ දෙන්න සිදු වුවත් මම හිතනවා මා දැනටමත් ජයග‍්‍රහණය කර තිබෙනවා කියලා.කාන්තාවන් අභිමානයෙන් කටයුතු කරන්න ඕන ජනාධිපතිතුමාගේ ආශිර්වාදය මතයි මම මාතරට ඇවිත් මෙවර ඡන්දයට ඉදිරිපත් වුණේ.

ඇතැම් අය මට විවිධාකාරයේ මඩ එල්ල කරනවා.බල්ලෙක් වුණත් හඳ දිහා බලාගෙන කොච්චර බිරුවත් හඳ කවදාවත් බිමට පාත් වෙන්නේ නැහැ.අන්න ඒ වගේ මමත් වට්ටන්න කාටවත් බැහැ.

මම අවුරුදු 18 ඉදලයි ජනාධිපතිතුමා සමග එකට වැඩ කරන්නේ.ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබුවත් මහින්ද චින්තන ප‍්‍රතිපත්ති මාලාවට මම ගොඩක් කැමතියි.අද අලූතින් නළු නිළියන් දේශපාලනයට එනවා. ඔවුන් හැමෝටම මඩ ගහනවා.ඒත් දේශපාලනයට ආපු පළමු නිළිය මම බව කවුරුත් දැනගන්න ඕන.

මාතර මගේ ගම. හතරවෙනි පරම්පරාවේ කෙනෙකු ලෙස මම ඡන්දය ඉල්ලූවත් මගේ මුත්තා කඹුරුපිටියේ ඔහු කඹුරුපිටිය පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයෙක්. මගේ ආච්චිත් කඹුරුපිටියේ ඇය ලංකාවේ ප‍්‍රථම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරියයි. මගේ නෑ හිතවතුන් විශාල පිරිසකගේ උපන් භූමිය මාතරයි. ඒ කවුරුත් කැත වැඩ කරපු අය නොවෙයි'

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment