අසභ්‍ය පින්තූර හදා ගුරුවරියගෙන් ලක්ෂ 3ක් කප්පම් ඉල්ලූ තරුණයා රිමාන්ඩ්

පාසල් ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරිනවා යැයි බිය කර ඇගෙන් රුපියල් ලක්ෂ 3ක කප්පම් මුදලක් ඉල්ලූ එම ගුරුවරියගේ මවගේ ගෝලයකු වන 21 හැවිරිදි තරුණයකු ලබන 10දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය මහෙස්ත්‍රාත් එල්.කේ. මහින්ද මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි එස්. කදිරේෂන් නමැති අයෙකි. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ නාවලපිටිය නගරයේ ඇති ජාත්‍යන්තර පාසලක අවිවාහක තරුණ ගුරුවරියකි.

ඇගේ ඡායාරූප අඩංගු දත්ත කොපියක් (මෙමරි කාඩ් එකක්) මීට මාස තුනකට පෙර අත්බෑගයේ තිබියදී නැති වී ඇති අතර කිසියම් අයකු එහි තිබූ ඡායාරූප යොදා ෆ්‍ස් බුක් ගිණුමක් අරඹා තිබුණි. මින් කලබල වී සිටි ඇයට ලැබි ඇති දුරකථන ඇමතුමකින් පවසා ඇත්තේ රුපියල් ලක්ෂ තුනක් නුදුන්නොත් ඇගේ අනෙක් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවය.


මේ අතර ඇගේ පියයුරක තිබූ ගැටිත්තක් හේතු කොට ගෙන පියයුරු පිළිකා පරීක්ෂාවක් සඳහා ඇය ලබාගත් ඡායාරූප කිහිපයක්ද එම දත්ත කොපියේ ඇති බවට ඇයට මතක් වී එම කප්පම්කරුවන්ට පවසා ඇත්තේ රුපියල් ලක්ෂ තුනක් දීමට නොමැති බවත් රුපියල් පනස් දහසක් දිය හැකි බවත්ය. කෙසේ හෝ මුදල රැගෙන නාවලපිටිය නගරයට එන ලෙස කප්පම්කරු තර්ජනය කිරීම නිසා ඇය මේ බව නාවලපිටිය ‍පොලිසිය වෙත හොර රහසේ පැමිණිලි කොට තිබුණි. කප්පම්කරු මුදල් රැගෙන එන ලෙස කී දිනයේදී අපරාධ අංශයේ කාන්තා ‍පොලිස් කොස්තාපල් (3660) සමන්මලී සමග ඇය ඔහු කී ස්ථානයට පැමිණියේ කඩදාසිවලින් කපා සකස් කළ කප්පම් මුදලද රැගෙනය.

ගුරුවරිය මෙම කාර්යයට බිය වුවද සිවිල් ඇඳුමෙන් සැරසී සිටි ‍පොලිස් කොස්තාපල්වරියගේ මැදිහත්වීම මත කප්පම්කරු කී ස්ථානයට ගියාය. ඔහු නැවත දුරකථන ඇමතුමක් දී කියා ඇත්තේ වෙනත් ස්ථානයකට එන ලෙසය. මේ ලෙස පැය දෙකකට අධික කාලයක් ගුරුවරිය නොයෙක් ස්ථානවලට ගෙන්වමින් කප්පම් මුදල ලබා ගැනීමට උත්සාහ කරන අතර තුර ‍පොලිස් නිලධාරිනිය තරුණයකු කෙරෙහි විපරමින් සිට ඇත.

අවසානයේ නාවලපිටිය දුම්රිය‍පොළට ආසන්න රේල් බෝක්කුව අසලට එන ලෙස කියා කප්පම් ගැනීමට සැරසෙද්දී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව සොයා බැලීමේදී මෙම තරුණයා ගුරුවරියගේ මවගේ ගෝලයකු බවද (ඇය නාවලපිටිය දෙමළ විදුහලක හිටපු ගුරුවරියකි) අනාවරණය විය. මෙම තරුණයාගේ මව නාවලපිටිය නගරයේ පවත්වාගෙන ගිය කුඩා වෙළෙඳසලක් තුළ මෙම ගුරුවරිය දැන හැඳුනුම්කම් මත මීට මාස තුනකට උඩදී තබා ගිය අත්බෑගයේ තිබි මෙම ඡායාරූප අඩංගු මෙමරි කාඩ්පත මෙම තරුණයා ලබාගෙන ඇති බවද අනාවරණය වී ඇත.

පරිගණක සම්බන්ධ දක්ෂයකු වන මොහු ගුරුවරියගේ ඡායාරූපයක් යොදා මෙසේ ෆ්‍ස් බුක් ගිණුමක් අරඹා තිබි ඇත.
මොහු ඉන්දියාවට යාම සඳහා සූදානම්ව සිටියද ඒ සඳහා මුදල් නොමැතිකම නිසා මෙම ගුරුවරියගෙන් මෙලෙස මුදල් ලබාගැනීමට උත්සාහ ගෙන ඇත. ගම්‍පොළ කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා, ස.‍පො.අ. කපිල සෙනෙවිරත්න, නාවලපිටිය ‍පොලිස් ස්ථානාධිපති විජිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත ‍පො.ප. දොලවත්ත, ‍පො.සැ. (18087) සිල්වා, ‍පො.සැ. (3064) සුගත්, කා.‍පො.කො. (3660) සමන්මලී යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

පී.ඒ. රාජනායක - ගම්‍පොළ

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment