වාහනයට යටකර පුද්ගලයකු මැරුවාට ඇමති බන්දුලගේ පුතා පොලිස් බාරයට - Minister Bandula's Son To Be Presented Before Court

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ වැඩිමල් පුතු චතුර පසන් ගුණවර්ධන මින් සති දෙකකට පමණ ඉහතදී මාතර ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු යට කර වාහනයක් ධාවනය කර තිබුණා. ලංකාවේ වලංගු රියදුරු බලපත‍්‍රයක්ද නැතිව නොසැලකිල්ලෙන් රිය පැදවීම නිසා මේ අනතුර සිදුව තිබුණා.

 අනතුරට ලක්වූ 52 හැවිරිදි පුද්ගලයා සති දෙකක් පමණ කාලයක් තිස්සේ බරපතල තුවාල ලබා මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලැබූ නමුත් ඔහු ඊයේ මියගියා.

එසේ මියගියේ ගන්දර තලල්ල පදිංචිව සිටි අගම්පොඩි රංජිත් (52* නැමති අයෙකි.ඔහු දෙවිනුවර විෂ්ණු දේවාලයට යමින් සිටියදී එසේ අනතුරට ලක්වූයේ පසුගිය මස 20 වනදාය.


අනතුරින් පසු අධ්‍යාපන ඇමති පුත‍්‍රයා අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදාහැර සිටියා.චතුර පසන් ගුණවර්ධන ඇමරිකාවේ අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණ සිටි අයෙකු වූ අතර ඔහුට ලංකාවේ රියදුරු ධාවන බලපත‍්‍රයක්ද තිබී නැත.
රිය අනතුර නිසා මරණයක් සිදුවීමෙන් පසු පොලිසියට යළි අවශ්‍යව පුද්ගලයෙකු බවට පත් ඇමති බන්දුලගේ පුතා පොලීසියට බාරවූ බවත්, හෙතෙම අද (05* මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට නැවත ඉදිරිපත් කරන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.



IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment