කැකිරාවේ පාසල් බස්‌ අනතුරෙන් සිසුහු 18ක්‌ රෝහලේ තිදෙනකුට බරපතළයි

කැකිරාව තෙලිඹියාගම හන්දියේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස්‌ රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක හා විදුලි කණුවක ආධාරකයක ගැටී සිදුවූ රිය අනතුරකින් පාසල් ළමුන් 18 දෙනකු තුවාල ලබා කැකිරාව රජයේ රෝහලට ඊයේ (27 දා) උදැසන ඇතුළත් කෙරිණි.

මෙම අනතුරෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලේ සිට අනුරාධපුර ශික්‌ෂණ රෝහල වෙත ගිලන් රථ මගින් ගෙන ආහ. බස්‌රථය ඉපලෝගම "රණජයපුර" යුද හමුදා නිවාස සංකීර්ණයේ සිට කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට සිසුන් ප්‍රවාහනය කරද්දී මෙම අනතුර සිදුවී ඇත.

උදැසන 6.30 ට පමණ රණජයපුරින් පිටත් වී කැකිරාව නගරයට එප්පාවල කැකිරාව මාර්ගයෙන් ගමන් කරද්දී හදිසියේ ඇති වූ කාර්මික දොaෂයකින් අනතුර සිදුවී ඇති බවට පොලිසිය සැක පහළ කරයි. තෙලිබියාගම හංදියේදී බස්‌රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර ගසේ සහ විදුලි කණු ආධාරකයේ ගැටී බරපතළ අලාභහානි සිදුවී තිබිණි.අනතුර සිදුවන අවස්‌ථාවේ බස්‌රථයේ දරුවන් තිස්‌දෙනකු පමණ ගමන් කර ඇත. අනතුරෙන් සිසුවියන් 9 දෙනකු හා සිසුන් 9 දෙනකු තුවාල ලැබූ අතර බරපතළ තත්ත්වයේ පසුවූ සිසුන් තිදෙනකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.


අනුරාධපුර මහ රෝහලේ හයවැනි වාට්‌ටුවට ඇතුළත් කළ සිසුන් තිදෙනාගෙන් මුඩුහෙරුනගම කැකිරාව පදිංචි අවිශ්ක ෂෙහාන් කරුණාරත්න (13) සිසුවාගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබේ.

පාදයේ හා අස්‌ථි බිදී තිබූ අකිල ප්‍රභාත් දිසානායක (11) යන සිසුවාද ශල්‍යකර්මයකට භාජනය කරන ලදී. මොවුහු කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

කැකිරාව රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් කීපදෙනකුගේ දත් කැඩී තුවාල සිදුව තිබෙන බවත් ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම සිදු කරන බවත් එම රෝහලේ ස්‌ථාන භාර නිලධාරි වෛද්‍ය ජයන්ත විමල් විඡේසූරිය මහතා සඳහන් කළේය.

මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරන කැකිරාව මූලස්‌ථාන පොලිසියේ රථවාහන අංශය පැවසුයේ අනතුරට හේතුව කාර්මික දොaෂයක්‌ ද එසේත් නැතිනම් අධික වේගය නිසාද යන්න අනාවරණය කරගැනීම සඳහා පරීක්‍ෂණ සිදු කරන බවයි. බස්‌රථය පැදවූ රියෑදුරා රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment