දිවා කාලයේ ලයිට් දමාගෙන යාමෙන් යතුරු පැදි අනතුරුවල ශීඝ්‍ර අඩුවීමක්

ශීඝ්‍රයෙන් ඉහළ යන රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් දිවා කාලයේදීද මහමග ගමන් ගන්නා යතුරු පැදිවල ප්‍රධාන විදුලි ලාම්පුව ක්‍රියාත්මක කරගෙන යන ලෙස පොලිස් රථවාහන අංශය කළ ඉල්ලීමට අනුව ප්‍රධාන විදුලි ලාම්පුව දල්වාගෙන යෑමෙන් යතුරු පැදිවලින් සිදුවන අනතුරුවල ශීඝ්‍ර පහළ යෑමක් සිදුවී ඇතැයි පොලිස් රථවාහන මූලස්ථානය පවසයි.

මූලික පෙරහුරුවක් ලෙස බස්නාහිර පළාත තුළ මෙය සිදු කරන ලෙස යතුරු පැදිකරුවන්ගෙන් කළ ඉල්ලීමට ඉහළ ප්‍රතිචාර ලැබී ඇති බවත් වාහන රියැදුරන්ද යතුරු පැදිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්ෂණික අවධානය මෙයට යොමුවී ඇති බව පොලිස් රථවාහන අංශයේ නිලධරයකු පැවසීය. මෙය ඉදිරියේදී අනෙක් පළාත්වලද ක්‍රියාත්මක කර එහි ප්‍රගතිය පිළිබඳ සොයා බලන බවද එම නිලධරයා පැවසීය.

මෙම ක්‍රමය ඉතා සාර්ථක ක්‍රමවේදයක් බවත් යතුරු පැදි ධාවනයේදී ධාවකයාට අනිවාර්ය වූ ආරක්ෂක හිස්වැසුමෙන්ම ප්‍රධාන විදුලි ලාම්පුව දල්වාගෙන යාමද ඉදිරියේදී නීතිගත කිරීමට ද මෙමගින් හොඳ පිටුබලයක් ලැබෙන බවද එම නිලධරයා පැවසීය

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment