මර්වින් වැනි ජෝකරයකුට ජනාධිපතිව සමාන කිරීම සරත් ෆොන්සේකාට නොවටිනා ජාතිද්‍රෝහී ක්‍රියාවක්

මර්වින් සිල්වා අමාත්‍යවරයා යනු ජෝකර් කෙනෙක්. එවන් පුද්ගලයකුගේ මයිලක් තරම්වත් ජනාධිපතිවරයා නොවටිනා බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය ජාතිද්‍රෝහී ප්‍රකාශයක් බව පවසන හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි අජිත් ප්‍රසන්න මහතා සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකී.
පුවත්පත් කාටුන්වල කඩුවක් රැගෙන දකින්නට ලැබෙන මර්වින් සිල්වා අමාත්‍යවරයා අෑදා ෆොන්සේකා මහතාගේ මෙම ප්‍රකාශය ඔහු කළ ඉතා බරපතළ වරදක් බව අජිත් ප්‍රසන්න මහතා ප්‍රකාශ කළේ පසුගියදා කොළඹ නිපොන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ප්‍රභාකරන් 'අපේ පවුල්වලින්' පළිගත්තේ නැහැයි ෆොන්සේකා මහතා ප්‍රකාශ කළද ප්‍රභාකරන් යනු රටේ දෙමළ, මුස්ලිම්, සිංහල සෑම ජනතාවකගේම පවුල්වලින් පළිගත් අයකු බව කී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය. පසුගිය කාලෙ ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බව බි්‍රතාන්‍ය අගමැති, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ පවසා තිබීම රටට හානිකරයි. ඒ නිසයි ඉතා ලැජ්ජා විය යුතු රාජ්‍යයක් වන ස්වාසිලන්තයට පවා ජනාධිපතිවරයා ගියේ ඒ ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා ගෙනාවොත් අපේ රටට අනෙක් රටවලින් සහාය ගන්න.


එහෙම මොහොතකයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයා මර්වින් සිල්වාගෙ මයිලක් තරම් ජනපති නොවටින බවට බරපතළ ප්‍රකාශයක් කරන්නෙ. ඔහු එදා හිටපු දේශප්‍රේමී ෆොන්සේකා නෙවේ. ඔහු දෙමළ ඩයස්පෝරාවට සහාය දෙනවා. මෙය සරල නැහැ. ජනාධිපතිතුමා දැන් සංවර්ධනය වෙනුවෙන් හැමදේම කරනවා. මේ පාවාදීම අපි හෙළා දකිනවා.'

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment