හොර පාරෙන් ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික පිරිස අඩුවෙලා

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් පහත වැටී තිබෙන බව ඔස්ට්‍රේලියාව පවසයි.එය ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා රජයන් ඒකාබද්ධව සිදුකළ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ කමිටුව සිදුකළ සමීක්ෂණයකින්මේ තොරතුරු අනාවරණය වී තිබෙන බවද එම මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.එම සමීක්ෂණයට අනුව පසුගිය දින 36ක කාලය තුළ කිසිඳු ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෙකු ඔස්ට්‍රේලියාවට පැමිණ නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර 2009 වර්ෂයේ මාර්තු මාසයෙන් පසු නීත්‍යානුකූල නොවන ලෙස සංක්‍රමණිකයින් අවම පිරිසක් සංක්‍රමණය වු කාලය මෙය බවද ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

අදාළ කමිටුව පත්කළ පළමු දින සියය ඇතුළත නීති විරෝධී ලෙස සංක්‍රමණය වූවන්ගේ ප්‍රතිශතය සියයට 80 කින් පමණ පහළ බැස ඇති බවද වාර්තාවෙයි. කෙසේ වුවද ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා පිරිස් නාවුරු සහ මානුස් දූපත්වලට පිටත්කර හැරීම තවදුරටත් ක්‍රියාත්මක වන බවද මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ඊට අමතරව පුද්ගල ජාවාරම්කරුවන්ට එරෙහිව ඉදිරියටත් දැඩි පියවර ගැනීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කරනු ඇති බවද එම කාර්යාලය පවසයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment