දෙහිවල ටෝනි භාරකරුගේ දබරැඟිල්ලෙන් කොටසක්‌ කඩා දමයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ "ටෝනි" නමැති චිම්පන්සියා කුඩා කල සිට රැක බලා ගත් තිලක්‌ පුෂ්පකුමාර නමැති සත්ව භාරකරුගේ දකුණු දඹරැඟිල්ලේ කොටසක්‌ වෙන් වනසේ කඩා දැමීම නිසා ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයට 29 දා සවස ඇතුළත් කරනු ලැබ ඇත.

කුඩා කල සිට තමන් රැකබලාගත් සත්වයා කෙරෙහි ඇති වූ ලෙන්ගතුකම හේතුවෙන් ටෝනිට ටොපියක්‌ ලබා දීමේ දී එක්‌වරම ටොපිය සමග ඇඟිල්ල කඩා දමා ඇත.සිද්ධියෙන් පසු සතා එම ස්‌ථානයෙන් ඉවත් කර කැඩුණු ඇඟිලි කොටස සමග රෝහල වෙත රැගෙන ගියද ස්‌නායු ඇදීම හේතුවෙන් ඇඟිල්ල බද්ධ කිරීම පිළිබඳ අවිනිශ්චිත බවක්‌ ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ටෝනි නැමති චිම්පන්සියා මව, කිරි දීම ප්‍රතික්‍ෂ්ප කිරීම හේතුවෙන් සත්වෝද්‍යානයේ පැටවුන් රැක බලා ගැනීමේ මධ්‍යස්‌ථානයේ කිරි පොවා ඇති දැඩි කළ සත්වයෙකි. එදා සෑම දෙනා "ටෝනි කොහොමද? යෑයි ආමන්ත්‍රණය කර හිස අත ගා ගිය හැටි මිනිසුන්ට අමතක වුවද සත්වයාගේ මතකයේ තවමත් රැඳී ඇති බව නොඅනුමානය.

ඒත් අද තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්‌ වී ඇත. උදේට හවසට කෑම ලබා දෙන වෙලාවට පමණක්‌ අද ටෝනිට කතා කරනු ලැබුවත් ආදරය කිරීමට කිසිවකු නොමැත. කුඩා කූඩුවක සිර කර තැබීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර තම වර්ගයා සමග වාසය කිරීමට මෙම සත්වයාට වාසනාව නැත. ඒ නිසාම මෙම සත්වයා සෑම විටෙකම දැඩි අසහනයකින් සිටින බව එහි ගිය අපි කිහිප විටක දැක ඇත්තෙමු.

මෙම සත්වයා පමණක්‌ නොව වසර කිහිපයක්‌ම ක්‍රීඩා සංදර්ශන පවත්වමින් නරඹන්නන් සතුටු කළ සංජු නැමති චිම්පන්සියාටද මෙම ඉරණමට මුහුණ පාන්නට සිදුව තිබේ.

සතුනට ආහාර ලබා නොදෙන ලෙස දැන්වීම් පුවරු සවිකර තිබුණද එය බැලීමට කෙනකු නොමැත. නරඹන්නන් ලබාදීම නවත්වන්නේ ද නැත. නරඹන්නකුට මෙවන් අනතුරක්‌ සිදු වුවහොත් එහි වගකීම භාරගන්නේ කවුරුන්ද? එබැවින් මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීම දැන්වත් සිදු කිරීම නුවණට හුරුය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment