ලාදුරු රෝගය යළි හිස ඔසවයි

ආසියානු රටවල් සියල්ල අබිබවා යමින් මෙරට ලාදුරු රෝගය බෝවීමේ ප්‍රතිශතය සියයට හත දක්වා වර්ධනය වී තිබේ. ජාතික ලාදුරු මර්දන ඒකකයේ නවතම නිල වාර්තාව අනුව එම තොරතුරු තහවුරු වන්නේ යැයි පවසන බළපිටිය මූලික රෝහලේ චර්මරෝග විශේෂඥ අජිත් ප්‍රසන්න කන්නන්ගර මහතා ඒ අනුව ලාදුරු රොගය බෝවීමේ ප්‍රවණතාවයේ ආසියාතික වාර්තාව මේ වනවිට ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි පවසයි.

මෙහි වඩාත්ම බියකරු හා භයානක අන්තරාදායක තත්ත්වය වී ඇත්තේ පසුගිය වර්ෂයේ (2013) සොයාගත් අලුත් රෝගීන්ගෙන් 75-90ක්ව බෝවන ලාදුරු රෝගීන් වීම යැයිද එයටත් වඩා අනතුරුදායක වී ඇත්තේ ලාදුරු රෝගයට භාජන වී සිටින ළමයින් 86 දෙනාගෙන් 80-90 ක්ම බෝවන ලාදුරු රෝගීන් වීම යැයි ඒ මහතා පැවැසීය.අලුත්ම දත්ත අනුව 2012 වසරේ ලංකාවේ සිටි අලුත් රෝගීන් ගණන 2211ක් වී කුඩා ළමයින් ගණන 163ක් වී ඇති අතර මෙය 2013 වනවිට නව රෝගීන්ගේ ගණන 2032 ක් වන විට ළමයින්ගේ ගණන 177ක් වී ඇත.

2012 වසරේ සොයාගත් රෝගීන්ගෙන් 50%කට වැඩි සංඛ්‍යාවක් බෝ නොවන රෝගීන් වූ අතර 2013 දී වාර්තා වූවන්ගෙන් 75%ක්ම බෝවන රෝගයට ගොදුරුවීම යැයි ඒ මහතා කීය. මේ තත්ත්වයට හේතුව මේ රෝගය පිළිබඳ අපේ සෞඛ්‍ය අංශ 2009 සිට නොසලකා හැරීම යැයිද ඒ මහතා පෙන්නා දුන්නේය.

මේ අතර කුඩා ළමයින්ගේ රෝග බෝ වීමට හේතුව මන්ද පෝෂණය බවත් අනෙක රටේ පවත්නා දිලිඳුතාව හා දරිද්‍රතාව බවද ඒ මහතා පැවැසීය.

ලංකාවේ ලාදුරු රෝගීන්ගේ වැඩිම ගණන කොළඹ, ගම්පහ හා හම්බන්තොටින් වාර්තා වී ඇතැයිද ඒ මහතා කීය.

විශේෂඥ වෛද්‍ය කන්නන්ගර මහතා මේ කරුණු අනාවරණය කළේ ලාදුරු රෝග ජාතික දිනය නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රිත් සෞඛ්‍ය කාර්යාලය විසින් උණවටුන සෞඛ්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.



----------------------------------------------------------------------------------------------------------------


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment