කිරිපිටි මිල රු. 200කින් වැඩි කරනවා සමාගම් රජයට කියයි

ලෝක වෙළඳපොළේ ආනයනික කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් පන්දහසක් වන බැවින් එම කිරිපිටි මිල අනිවාර්යයෙන්ම වැඩි කළ යුතු බව ආනයනික කිරිපිටි සමාගම් නියෝජිතයෝ පවසති.

අද මේ වනවිට මෙරට ආනයනික කිරිපිටිවල මිල තීරණය වී තිබෙන්නේ එම කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් ලෝක වෙළඳපොළේ ඩොලර් 3500 පැවතියදී තීරණය වූ මිල වෙයි. එහෙත් ලෝක වෙළඳපලේ කිරිපිටි මිල ඩොලර් එක්දහස් පන්සියයකින් වැඩිවී තිබියදී එම පරණ මිලටම කිරිපිටි ලබාදිය නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවද එම සමාගම් තවදුරටත් සඳහන් කරයි.

ආනයනික කිරිපිටි සමාගම් ඉල්ලා සිටින‍්නේ කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් දෙසීයකින් වැඩි කරන ලෙසයි. මේ වනවිට ඔවුන් රජයෙන් හයවතාවක් එම ඉල්ලීම කර තිබේ. රජය වසර එකහමාරකින් කිරිපිටි මිල වැඩිකර නැතැයි පවසන කිරිපිටි සමාගම්, ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල වැඩිවී මාස 7ක් පමණ ගතවී ඇතැයි ද ඔවුන් මේතාක්කල් පාරිභෝගිකයාට කිරිපිටි ලබාදුන්නේ පරණ මිල ගණන් යටතේ පාඩු ලබමින් බවද පවසති.


මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් 6ක් පමණ ඇත. ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල වැඩිවනවිට මෙරට මිල වැඩි නොකළහොත් සමාගම්වලට විශාල පාඩුවක් සිදුවෙයි. මෙම සමාගම්වල සේවකයෝ විශාල පිරිසක් වැඩ කරති.

ඔවුන්ට වැටුප් ආදියද ගෙවා ලාභයක් නොව පාඩුවක් නොවී සමාගම් පවත්වාගෙන යා හැකි තත්ත්වයක තබාගැනීමට නම් කිරිපිටි මිල මෙම ඉල්ලන මුදල් ප්‍රමාණයෙන්ම වැඩි කළ යුතු වෙයි. මේ වනවිටත් කිරිපිටි සමාගම් ගණනාවක් වැසෙන තත්ත්වයට පත්ව තිබේ. ඊට හේතුව බිස්නස් අඩුවීමයි.

කිරිපිටි මිල වැඩි කිරීමට සිදුවීම සම්බන්ධව රජයට දොස් පැවරීම වැරදියි. ඊට හේතුව කිරිපිටි මිල වැඩි වෙන්නේ ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුවයි. ලෝක වෙළෙඳපොළේ මිල අඩු වැඩි වීම කිසි සේත් රජයට හෝ සමාගම්වලට පාලනය කළහැකි දෙයක් නොවේ. මෙම සමාගම් පවත්වාගෙන යාමට නම් එම සමාගම් ඉල්ලා සිටින ප්‍රමාණයෙන්ම වැඩිකළ යුතු බවද එම සමාගම් හිමියෝ පවසති.

.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment