අවසන් තරඟයෙ ජය ශ‍්‍රී ලංකා පිලට - Sri Lanka won by 2 wickets (with 2 balls remaining)

 ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි සහ අවසන් තරගයෙන් (දිවා/රාත‍්‍රී) ශ‍්‍රී ලංකා පිල කඩුලූ 2 ජයක් ලැබීමට සමත් විය. මෙම තරගය අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැත්විණ.

මෙම තරගයෙන් ශ‍්‍රී ලංකාව ජය ලැබුව ද පාකිස්තානය 3-2 ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගත්තේය. ශ‍්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 233 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 49.4 කදී කඩුලූ 8 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

දිනේෂ් චන්දිමාල් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්වෙමින් පන්දු 70 කදී හතරේ පහරක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 64 ක් රැස් කළේය. චන්දිමාල්ට හොඳ සහයෝගයක් දුන් අජන්ත මෙන්ඩිස් 49 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ගැසූ හයේ පහරින් ශ‍්‍රී ලංකාව මත පැටවී තිබූ පීඩනය තුරන් විය.අජන්ත පන්දු 14 හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 19 රැස් කිරීමට සමත් විය. අවසන් ඕවරයට ලකුණු 3 ක් ලබා ගැනීමට තිබූ අතර එය සාර්ථක කර ගැනීමට චන්දිමාල් සහ අජන්ත සමත් වූහ.


යොවුන් පිතිකරු කුසල් ජනිත් ලෝක ක‍්‍රිකට් පේ‍්‍රක්‍ෂකයන් 90 දශකයේ අග භාගයේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරියගේ මනස්කාන්ත පිතිහරඹයේ ප‍්‍රතිරූපනයක් ගෙන එමින් පන්දු 41 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 47 ක් ලබා සිටියදී රිවර් ස්විප් පහරක් ගැසීමට යෑමෙන් දැවී ගියේය.

කුසල් ජනිත් සහ තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ල සදහා පන්දු 74 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් අඩිතාලමක් දැමූහ.

තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 45 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ඩිල්ෂාන් එක්දින ලකුණු 8000 සම්පූර්ණ කිරීමට මේ තරගයේදී සමත් විය. 37 හැවිරිදි ඩිල්ෂාන් මේ වන විට එක්දින තරග 275 කදී ලකුණු 8,014 ක් රැස්කර තිබේ.

කුමාර් සංගක්කාර (22) සහ අෂාන් ප‍්‍රියංජන් (01) ලකුණු 9 ක් තුළ දැවී යෑමෙන් ශ‍්‍රී ලංකා ඉනිම අවිනිශ්චිත තත්ත්වයකට පත්විය.

පාකිස්තානු පිලට විනිසුරු තීරණය විමසීමේ ක‍්‍රමවේදය ප‍්‍රතිඵල ගෙන දෙමින් ඇන්ජලෝ මැතිව්ස් (08) පස්වැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් පසුව ඉනිම කඩා වැටුණි.

ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 26 කට එක කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. ලසිත් මාලිංග ලකුණු 57 කට කඩුලූ 4 ක් දවා ගත්තේය.

ලසිත් මාලිංග යැවූ ඉනිමේ 49 වැනි ඕවරයට පාකිස්තානු පිතිකරුවෝ ලකුණු 16 ක් රැස්කිරීම නිසා ලකුණු 232 ක් දක්වා යෑමේ අවස්ථාව උදාවිය.

ජුනයිඞ් ඛාන් අවසන් ඕවර කීපයේ පන්දු 38 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 41 ක් රැස්කරමින් පාකිස්තානය තරගයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන ආවේය.

අජන්ත මෙන්ඩිස් උමාර් අක්මාල්ගේ ඉනිම ලකුණු 20 කට සීමා කිරීමත් සමග පාකිස්තානය ලකුණු 173 කට කඩුලූ 6 ක් බවට පත්විය. ලසිත් මාලිංගගේ පන්දුවකට කුමාර් සංගක්කාර රැකගත් අනගි උඩ පන්දුව නිසා නායක මිස්බා උල් හක් පන්දු 74 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමගින් ලකුණු 51 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

සචිත‍්‍ර සේනානායක යැවූ ඉනිමේ 36 වැනි ඕවරයේ පස්වැනි පන්දුවට ලකුණු 8 ක් ලබා සිටි උමාර් අක්මාල් ලබා දුන් පහසු උඩපන්දුව කිත්රුවන් විතානගේ වෙතින් ගිලිහි යෑම කැපී පෙනුණි.

ඇන්ජලෝ මැතිව්ස් ආරම්භයේ සිටම නිවැරදි ස්ථානයේ පන්දුව පතිතකරමින් පාකිස්තානු පිතිකරුවන් පලනය කිරීමේ ප‍්‍රතිඵලයෙන් මෙම තරගාවලියේදී ශතක තුනක් රැස්කළ මොහොමඞ් හෆීෂ් පන්දුව කෙළින්ම කඩුල්ල වැදී දැවී ගිය ක‍්‍රීඩකයකු ලෙස පිටියෙන් ඉවත් විය.

මොහොමඞ් හෆීෂ් පන්දු 56 කදී හතරේ පහර දෙකක් සමගින් ලකුණු 41 ක් රැස් කළේය. මොහොමඞ් හෆීෂ් සහ මිස්බා උල් හක් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

තිලකරත්න ඩිල්ෂාන්ගේ විශිෂ්ට උඩ පන්දු රැකීම නිසා ෂෙයිබ් මක්ෂූඞ්ගේ ඉනිම ලකුණු 7 කට සීමා වීමෙන් පාකිස්තානය 17 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ලකුණු 70 ට කඩුලූ 3 ක් බවට පත්විය.

පාකිස්තානු පළමු කඩුල්ල ලෙස අහ්මඞ් ශෙෂාඞ් ලකුණු 17 ක් ලබා සිටියදී සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. පාකිස්තානු නායක මිස්බා උල් හක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගයේදී ශ‍්‍රී ලංකා පිලට නුවන් කුලසේකරගේ ස්ථානයට පිට දග පන්දු යවන අජන්ත මෙන්ඩිස් කැදවා තිබුණි. සහිඞ් අෆ්රිඩි සහ බිලවල් භාටි වෙනුවට අන්වර් අලී සහ අබ්¥ර් රෙහෙමාන්, පාකිස්තානු පිලට කැදවා සිටියහ.



ලකුණු පුවරුව


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment