‘මහින්ද’ පරදන ජනාධිතිවරණ පොදු අපේක්‍ෂිකාව ‘චන්ද්‍රිකා’

මංගලගේ නිවෙසේදී තීන්දු වෙයි
එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂිකාව වශයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීන්දු කොට ඇත.

පසුගිය ඉරිදා (22දා) බොල්ගොඩ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවෙසේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ තීන්දුව ගැනීමට එ.ජා.ප. නියෝජිතයන් කටයුතු කොට ඇත. 

මේ සාකච්ඡාව සඳහා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ, එ.ජා.ප. නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක, මංගල සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අමතරව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගි වී ඇත. බොහෝදුරට ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවට දේශපාලන ක්‍ෂේත්‍රයේ පැතිරයන ආරංචිවලට අනුව විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සිය නිවෙසේදී මේ හමුව පැවැත්වීමට මංගල සමරවීර මහතා කටයුතු කර ඇත.

        ඒ අනුව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂිකාව වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නම යෝජනා වී ඇති අතර ඊට සියලුදෙනාගේම ඒකමතික අනුමතයද හිමිව ඇත. ඊට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේද එකඟතාව පළවී ඇතත් එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන තෙක් ප්‍රසිද්ධ නොකිරීමටද පිරිස අතර එකඟතාවක් ඇතිව තිබේ.

 කෙසේ වෙතත් යම් හෙයකින් මාධ්‍ය මඟින් මේ පුවත හෙළිදරව් වුවහොත් ඒ මොහොතේම එම මාධ්‍ය වාර්තා ප්‍රතික්‍ෂේප කිරීමටද පිරිස එකඟතාවක් ඇතිකොටගෙන තිබේ. මීට අමතරව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මැතිවරණ ව්‍යාපාරයට ඉකුත් වතාවේ ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ සහාය ලබාගන්නා ආකාරය පිළිබඳවත්, විපක්‍ෂයේ සියලු දේශපාලන පක්‍ෂ සහ සංවිධාන ඒකරාශි කොටගෙන පොදු සන්ධානයක් බිහිකිරීම පිළිබඳවත් එහිදී සාකච්ඡා වී ඇති බවද දැනගන්නට ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment