
මේ නිසා රුවන් ආරම්භ කරපු Studio එකේ වැඩ වගේම ක්ලාස්වල වැඩත් නතර කරන්න වෙලා. එහෙම බැලූවාම මේ සිද්ධ වෙලා තියෙන්නේ ලක්ෂ ගානක පාඩුවක්. පහුගිය සඳුදා රුවන්ගෙ Wife ෂෙරිල් Saloon එකක් විවෘත කළානෙ. ඊට පහුවදා තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැන වැඩි විස්තර දැන ගන්න අද අපි රුවන්ට කථා කළා.
''රුවන් ඔයාට ලොකු කරදරයක් වුණා කියලා අපිට ආරංචි වුණා...'' '' ඔව් එකපාරටම දුක හිතෙන දෙයක්.'' මේ ෆීල්ඞ් එකට එන්නත් මට සෑහෙන්න කට්ටක් කන්න වුණානේ....එහෙම ඇවිත් අමාරුවෙන් ගොඩනගා ගත්ත දෙයක් මේක. ? නිදි මරාගෙන Show වලට ගිහින් එකතු කරපු සල්ලිවලින් කරපු දෙයක්. කවුද කළේ කියලා සැක කරන්න මට අමරුයි. මොකද හැමෝම හිනා වෙලා ඉන්නේ.
මේ බඩු අවශ්‍යම කෙනෙක් තමයි කරලා තියෙන්නේ. මං නම් හිතන්නේ හොරෙක් නෙමෙයි. මොකද බිත්ති වගේම ඩෙස් වලත් මට අපහාස කරලා, බැනලා එක එක ඒවා ලියලා තියෙනවා. මං ඉතින් මට සාධාරණයක් වෙනකම් බලාගෙන ඉන්නවා.
මේ සිද්ධියෙන් පස්සෙ මට හිතුනෙ මං මේ රටේ ඉන්නව ද නැත්නම් වෙන රටකට යනව ද කියලා. කමක් නෑ ඉතින් වෙච්ච දේ වුණානේ. මිනිස්සුන්ටනෙ හැම දේම වෙන්නේ. ආයේ කොහොම හරි නැගිටින්න උත්සාහ කරනවා. මේ අතර, අපි රුවන්ගෙන් ඇහුවා එයාට තරහකාරයෝ ඉන්නව ද කියලා. මෙහෙමයි මට මෙයා මෙයා කියලා හරියටම කියන්න බෑ.
කලාකරුවෙක් නිසා හැමෝම මට හිනාවෙනවා, කතා කරනවා. මම හිතන්නේ සාමාන්‍ය පිරිසක් නෙමෙයි මේක කළේ. ඒ වගේම මගේ Studio එකට ආපු කෙනෙක් වෙන්න ඕන මේක කළේ. තරහාකාරයෝ කියන්නේ ෆෝන්වලින් මටයි වයිෆ්ටයි තර්ජන කරපු අය ඉන්නවා.
කවුද කියලා හරියටම මට කියන්න බෑ. ඔයා ජනපි‍්‍රය නිසා ද නැත්නම් ෂෙරිල්ව මැරි කරපු නිසා ද මේ වගේ තරහකාරයෝ ඉන්නේ ?
ඇත්තටම ෂෙරිල් යාළු වුණාට පස්සෙ තමයි ඕව ඔක්කොම ආවේ. අපි දෙන්න ආදරෙන් ඉන්නවා. ඒ වගේම අපි දෙන්න එකතු වෙලා දියුණු වෙන්න උත්සාහ කරනවානේ.
මේ දේවල් දාලා රට ගියොත් මං පරිජිතයි. මට ආපහු නැගිටින්න පුළුවන්. ඉතින් මං හැමෝටම කියන්නේ මේ වගේ දේවල් කරන්න එපා. අනිත් අයගේ දියුණුව දැකලා සතුටු වෙන්න, ඒ අයට උදව් කරන්න, ආශිර්වාද කරන්න.

Put the internet to work for you.
Post a Comment