ETV නාලිකාවේ ඉදිරියේදී පෙරලියක් !

EAP සමුහ ව්‍යාපාරයට අයත් ETV රූපවාහිණිය නුදුරේදීම නව නාමයක් යටතේ ව්‍යාපාරික හා විනෝදාස්වාද නාලිකාවක් ලෙසින්එළිදැක්වීමට සුදානමක් ඇතිබව වාර්තාවේ.

ETV නාලිකාව පසුගිය කාලය තුලදී මෙහෙයවනු ලැබුවේ වෙනත් සමාගමකින් වන අතර මේ වනවිට ඔවුන්ගේ පරිපාලනය නැවතත් EAP විසින් ලබාගෙන තිබේ.

එසේ නැවත ලබාගැනීමේදී එම සමාගම විසින් දැරූ මිලයන 60ක් ද එම සමාගම වෙත ගෙවීමට EAP සමාගමට සිදුවී තිබේ. කොළඹ හා මහනුවර ආවරණය වන පරිදි විකාශය කටයුතු කිරීමට නියමිත ETV නාලිකාව ඉංග්‍රීසි ව්‍යාපාරික පුවත්, විනෝදාස්වාදය සපයන වැඩසටහන් තුලින් ප්‍රේක්ෂක අවධානය දිනාගැනීමට අපේක්ෂා කරයි. 


ස්වර්ණවාහිණි රූපවාහිණි නාලිකාව සහ EAP චිත්‍රපට ශාලා රුපියල් බිලියන 1.5 ක මුදලකින් ඩිජිටල් ගත කිරිම ඇතුළු නවීකරණ කටයුතු සදහාඔවුන් විසින් ණයකර නිකුතුවක් කිරීමට අපේක්ෂාවෙන් සිටියද වෙළඳපොලේ පවතින අහිතකර තත්වයන් හේතුවෙන් ඔවුන් එය කල් දමා ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment