සුබ්‍රනියන් ඉන්දීය ධීවරයින්ට පොරොන්දුවක් දෙයි

ඉන්දීය ධීවරයින්ට පවතින ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කරන බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියන් ස්වාමි විසින් ඉන්දීය ධීවරයින්ට ප්‍රකාශ කර තිබේ.

මෙරට නාවික හමුදාව බාරයේ පවතින ඉන්දීය ධීවර යාත්‍රා කඩිනමින් නිදහස් කිරීම පිළිබඳ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා ඉන්දීය ධීවර සංගමයක් සුබ්‍රමනියන් ස්වාමි සමග සාකච්ඡා පවත්වා ඇත.


එහිදී ඔවුන් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්ය.


එමෙන්ම මන්නාරම කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය ආශ්‍රිතව නවතා ඇති ඉන්දීය ධීවර යාත්‍රා වල ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට බියක් පවතින බව ද සුබ්‍රමනියන් ස්වාමි හමුවේ එම ධීවර සංගමයේ නියෝජිතයින් ප්‍රකාශ කර තිබේ.


ඒ අනුව සුබ්‍රමනියන් ස්වාමි, මීළඟ ශ්‍රී ලංකා සංචාරයේ දී අදාළ ගැටළුව සම්බන්ධයෙන් කඩිනම් විසදුමක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවට එම ධීවර සංගමය වෙත පොරොන්දු වී ඇති බව සඳහන්ය.



Post a Comment