දිරිය නැගණිය නදීෂා හේමමාලි දේශපාලනයට පැමිණීමට හේතුව

ඔබතුමිය 13 වන සංශෝධනය ගැන මොකද හිතන්නේ? 
තාම ඇවිත් දවස් දෙකයි..කැම්පේන් පටන්ගත්තාම කියන්නම් 

ඊයේ දිනයේ (19) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් ජනප්‍රිය ටෙලිනාට්‍යය නිළි නදීෂා හේමමාලි අද දින(20) එජාප යොවුන් පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තාය. 

ඒ එජාප නායකත්ව මණ්ඩල සාමාජික රුවන් විජේවර්ධන මහතාගේ නිවසේදී ය. එම අවස්ථාවට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාද සහභාගිවී තිබුණි. 

එහිදී ඇය කුඩාකල පටන් යම් කිසි සේවාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාවෙන් දේශපාලනයට පැමිණි බව මාධ්‍යයවේදින් හමුවේ ප්‍රකාශකොට ඇත.

ඇය කල සම්පුර්ණ කතාව පහතින් බලන්න 

මම හිතුවා යම්කිසි සේවාවක් කරන්න හැකියාවක් ලැබෙනවානම් හොඳයි කියල..ඉතින් මම එක්සත් ජාතික පක්ෂය තෝරාගෙන, ඒ හොඳ චේතනාව තව තවත් ඉදිරියට ගෙන යන්නට මේක අවස්තාවක් කරගන්නවා..

මට පොඩිකාලේ ඉඳලම මගේ පවුල් පසුබිම තිබ්බේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක..ඉතින් එක මුලික කරගෙන තමයි මම එක්සත් ජාතික පක්ෂය තෝරාගත්තේ.. 

දේශපාලනයේ පොඩි කතාවක් තියෙනවා නළු නිලියන් ජන්දෙට ඉදිරිපත්වෙලා මනාප අරන් පස්සේ ආණ්ඩුවට එකතුවෙනවා කියලා..උදාහරණයක් තියෙනවා පාර්ලිමේන්තුවේම..ජනතාව කොහමද දැනගන්නේ ඔබතුමියත් ඒ ගොඩේම ද කියල..  

ඒ චෝදනාව නම් මට ලබා ගන්න බැහැ මොකද මම තාම අආව විතරයි..මම ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක්..කලාකාරිනියක් විදියට මම එනකොටත් මම වැඩ කලේ ඒ ප්‍රතිපත්තීන් වලට අනුකුලව..මම කරන දේ හරියට කරනවා..කරන දේ හරියට හිතල මතල කරන්නේ..

ඉතින් මෝස්‌තර නිරුපිකාවක් විදියට මම ආවේ..එකත් හොඳට හිතල ගත්ත තීරණයක්..ඒ වගේම රංගන ශිල්පිනියක් විදියට ආව..එකත් හොඳට හිතල බලල ගත්ත තීරණයක්..නිෂ්පාදකවරියක් විදියටත් මම ආවා ඒකත් හොඳට හිතල බලල ගත්ත තීරණයක්..ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට පැමිණීම, මේ දේශපාලනයට පිවිසීම හොඳට හිතල බලල ගත්ත තීරණයක්..

දේශපාලනය කියන දේ අපිට අවබෝධයක් නැතුව කරන්න බැහැ..මම තාම නවකයෙක්..මම තාම අධ්‍යනය කරන ඒ දේවල් ගැන..ඒ අවබෝධය ඇතුව තමයි මේ තත්වය සිදුවුනේ.. 

මට කව්රුත් අභියෝගයක් නෙවෙයි..මගේ ප්‍රතිපත්ති තියෙනවා..මට අභියෝගය තියෙන්නේ මගේ ජනතාව එක්ක..මට ආදරය කරන මිනිස්සු තමයි වටින්නේ.. 

අපි පොඩි කාලේ ඉගෙන ගත්ත දේවල් තියෙනවනේ..ඒ ඉගෙන ගත්ත දේවල් අතරේ එක දෙයක් මම විශේෂයෙන් මතක තබාගන්නවා..ඒ තමයි..නායකත්වයට ගරු කරන්න ඕන..මම ඒක හරියට පිළිපදින දෙයක්..යම්කිසි දෙයක් කරනකොට ඕන තැනක අර්බුධකාරී තැන් මතුවෙන්න පුළුවන්..ඒක ගැටළුවක් නෙවෙයි..හොඳ නරක කියන්නේ ලෝකෙම පවතින දෙයක්..මගේ ප්‍රතිපත්තිය තමයි නායකත්වය එක්ක සහයෝගයෙන් වැඩ කිරීම. 

ඔබතුමිය 13 වන සංශෝධනය ගැන මොකද හිතන්නේ? 
මම ඔය ප්‍රශ්නෙට සූදානම් වෙලයි ආවේ..මම තාම දේශපාලන පක්ෂ සාමාජිකත්වය අරගෙන දවස් දෙකයි..මෙහෙම දෙයක් කියන්නම් 13 වන සංශෝධනය විතරක් නෙවෙයි 17 වන සංශෝධනය ගෙන එන්න කොහමද කියලත් මම කියන්නම් මම මගේ කැම්පේන් එක පටන් ගත්ත දවසට..

මොකද මම අද ආවේ පත්වීම ගන්න විතරයි..ඒක ගැන මම වැඩි විස්තර කතා කරනවා මගේ කැම්පේන් එක ආරම්භ උනාට පස්සේ.. 

නදීෂා දේශපාලනයට පැමිණෙන බව තිස්තුන්දාහේ අප අනාවැකි කිව්වේ අද ඊයේ නොවේ..පසුගිය ඔක්තෝබර් මස හත්වනදා නදීෂා පිලිබඳ පලකල ලිපියේ ඒ පිලිබඳ අප සටහනක් තැබුවේ මෙලෙසිනි.

නදීශාගේ කතාවේ  වීඩියෝව පහතින් බලන්න 
කැමරාකරණය : අජිත් සිරිවර්ධන (ඩේලිමිරර්)

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment