තරු බිලියනයක සිතියම් ඇඳීමට "ගයියා" යවයි

අපගේ මන්දාකිනියේ ඇති බිලියනයක් තාරකා ත්‍රිමාණව සිතියම්ගත කිරීමට ඊයේ යුරෝපීය අභ්‍යාවකාශ ආයතනය (ESA) විසින් චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශගත කලා.

ඊයේ ලංකාවේ වෙලාවෙන් සවස 2.42ට පමණ ප්‍රංශයේ Guiana වල සිට යවනු ලැබූ එය Gaia ලෙස නම් කර තිබේ.

චන්ද්‍රිකාවේ ඇති කැමරාව පික්සල් බිලියනයක හෙවත් මෙගාපික්සල් මිලියනයකින් යුක්තය. එමඟින් චන්ද්‍රයාගේ ඇති ඇඟිළි සලකුණක් හෝ කිලෝමීටර් 1,000ක දුරින් ඇති කෙස් ගහක පළල පවා පහසුවෙන් හඳුනාගත හැකිය.


ආලෝක වර්ෂ 120,000ක දිගින් හා 100,000ක පළලින් යුත් අපගේ ක්ෂීරපථයේ තාරකා බිලියන 100ක් පමණ ඇති අතර වසර 5ක කාලයක් තුළ මෙමඟින් සිතියම් කිරීමට හැකිවන්නේ එයින් 1%ක් පමණි.

තාරකා, ග්‍රහක, වල්ගාතරු ආදී සියල්ලකම ස්ථානය හා ඒවා ගමන්ගන්නා ආකාරය ත්‍රිමානයව සිතියම්ගත කිරීමට හැකි මෙම චන්ද්‍රිකාව වෙනුවෙන් වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 740 කි.

පෘතුවියේ සිට කිලෝමීටර් මිලියන 1.5ක දුරින් වූ L2 ලෙස හඳුන්වන ගුරුත්වාකර්ශන බලයෙන් ස්ථාවර ස්ථානයක මෙය රඳවන්නේ සූර්යයා වටා කක්ෂගත වීමටය.

ග්‍රීසියේ සිටි තාරකා විද්‍යාඥයකු වූ Hipparchus විසින් මීට පෙර තාරකා දහසක පමණ ස්ථාන සිතියම්ගත කර තිබූ අතර වසර 2,000කට පසු මෙම චන්ද්‍රිකාව විසින් තාරකා බිලියනයක් සිතියම්ගත කිරීම ඔහුගේ සිහිනය සැබෑකරවන්නක් බව පැවසේ.

ඒ පිළිබඳ වීඩියෝ හා ජායාරූප පහතින්.






ගයියා විසින් සිතියම්ගත කිරීමට සැරසෙන මන්දාකිනියේ ප්‍රදේශය පහතින්.







IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment