
මෙම තරඟයට ඉදිරිපත්වී දක්ෂකම් පෙන්වන ලාංකීය මෝටර් රථ ධාවකයන්ට මැලේසියාව,ඉන්දුනීසියාව, ජපානය සහ මාලදිවයින වැනි රටවල්වල පැවැත්වෙන ජාත්‍යන්තර තරඟ සඳහා තරඟ වැදීමට අවස්ථාව ලබාදෙනු ලබයි.
මෙවර නයිට් රේස් හි විශේෂවත්වය වනුයේ රෙඩ් බුල් රේසින් තරඟ සමඟ පළමු වතාවට ෆෝර්මියුලා වන් මෝටර් රථයක් ශ්‍රී ලංකාවේ වීදි සැරීමයි. ඒ සඳහා රෙඩ් බුල් ආයතනයේ අනුග්‍රහය යටතේ ඕස්ට්‍රේලියාවේ ෆෝමියුලා ධාවන ශුරි ඩැනියල් රික්කියාඩො තව නොබෝ දිනකින් මෙරටට පැමිණෙනු ඇත.
කලම්බු නයිට් රේස් උළෙල ප්‍රවර්ධනය කිරීම සඳහා ඩැනියෙල් විසින් ප්‍රදර්ශනාත්මක ෆෝමියුලා තරඟයක නිරත වීමට සැලසුම්කොට ඇත.
දෙසැම්බර් මස 13 වනදා දින ගාල්ලේදී පුහුණු රැළියක් හා ජයාරූප ගැනීම සිදුකරන අතර එදින අලංකාර මල්වෙඩි සංදර්ශනයක්ද , ලංකාවේ පැරණි මෝටර් රථ ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පසුගිය වසරේ කලම්බු නයිට් රේස් සඳහා වැයවූ මුදල කෝටි 15 කි.



Put the internet to work for you.
Post a Comment