ෆේස්බුක් හරහා පෙම්වතුන් වූ පියා හා දියණිය

ෆේස්බුක් හරහා පෙම්වතුන් බවට පත්වූ පියෙකු හා දියණියක පිලිබඳ දකුණු පලාතෙන් වාර්තා වේ. දකුණු පළාතේ ගාල්ලේ රජයේ සේවකයෙකු සිය දියණියට සාමන්‍යයපෙළ විභාගයෙන් උසස් ලෙස සමත්වීමේ සතුටට ලැප්ටොප් පරිගණකයක් තෑගී කොට ඇත. 

ලැප්ටොප් පරිගණකය දියණිය විසින් භාවිතා කිරීමේදී ඇය ෆේස්බුක් ගිණුමක් සාදා එමගින් ඇයගේ යෙහෙලියන් සමග චැට් කිරීමට පුරුදු වී සිට ඇත. ඇය එම ගිණුමට ඇයගේ ජායාරූප එක් කර නොමැති අතර නම සඳහා යොදා ගෙනද ඇත්තේ ඇයට යහළුවන් අමතන සුරතල් නාමයකි.

මේ අතර ඇයගේ පියාද ව්‍යාජ ගිණුමක් මගින් එම ප්‍රදේශයේම තරුණියන් සොයමින් සිටින අතරතුරේ යහළුවෙකුගේ මාර්ගයෙන් ඔහුගේම දියණියගේ ෆේස්බුක් ගිණුම ලැබී ඇත. තම දියණියයි නොදත් පියා විසින් ඇය හා චැට් කොට සුහදත්වයක් ගොඩනගා ගෙන ඇත. 

සිය පියා යැයි දැන නොගත් දියණිය පියා සමග ආලවන්ත රාගී බස් දොඩා ඇත. ටික කලකින් ඔවුන් දෙදෙනාට නොදක සිට බැරි තත්වයක් ඇතිවී අතර ඒ අනුව ගාල්ල බස් නැවතුම් පළේදී හමුවීමට යෝජනා කොට ඇත. 

ඒ අනුව කලින් නියමකරගත් ඇඳුම් දෙදෙනා විසින් හැඳගෙන ගාල්ල බස් නැවතුම් පලේ එක්තරා බස් නවත්වන ස්ථානයකට පැමිණ ඇතිඅතර ඔවුන් රැකියාවට ගිය පියා එම බස් නැවතුම්පලේ සිටීමෙන් දියණිය පුදුමයටත්, උපකාරක පන්ති සඳහා ගිය දියණිය එම බස් නැවතුම්පලට පැමිණීම පිලිබඳ පියා පුදුමයටත් පත්වී ඇත. 

දෙදෙනාට දෙලොව සිහිවී ඇත්තේ ඔවුන් විසින් නියමකර ගත් ඇඳුම් ඔවුන් දෙදෙනාම ඇඳන් ඇතිබව දැකීමෙන් අනතුරුවය.
මෙයට සමාන සිදුවීමක කෙටි චිත්‍රපටයක් පහතින් බලන්න.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment