නදීෂා හේමමාලි බෙන්තර ඇල්පිටියට?

ජනප්‍රිය නිළියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක්ද වන නදීශා හේමමාලි පසුගිය සතියේදී සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ පක්ෂ සාමාජිකත්වය හා යොවුන් පෙරමුණේ සාමාජිකත්වය ගැනීම පසුගිය සතියේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වූ සිදුවීමක් වුයේය. 

ඉන් පසුව මාධ්‍යය හමුවක් පැවැත්වීමෙන් අනතුරුව ඇය දේශපාලනයට පැමිණි හේතු වූ කාරනාද පැහැදිලිකොට තිබුණි. 

මේ අතර අප වෙත වාර්තා වන්නේ නදීෂා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දකුණු පළාතේ බෙන්තර ඇල්පිටිය ආසනය සඳහා තරඟ වැදීමට සුදානමකින් පසුවන බවය. 

බෙන්තර ඇල්පිටිය ආසනයේ සන්ධානය නියෝජනය කරමින් ගීතා කුමාරසිංහ ද මෙවර ජන්ද සටනට ඉදිරිපත්වන අතර ඇය දකුණු පලාත් මහ ඇමතිනිය වීමට සිහින දකිමින් පසුවන බව මෙයට පෙර ලිපියකින් අප විසින් හෙළි කරන ලදී. 

කෙසේ නමුත් ගීතා විසින් මාධ්‍යයට අදහස් පළකරමින් කියා තිබුනේ සිය සහෝදර රංගන ශිල්පිනියක වන නදීෂා ව වචනයකින්වත් විවේචනය කිරීමට ඇයගේ සූදානමක් නොමැති බවයි. 

මේ දිනවල නදීෂා දේශපාලනය ගැන හදරාමින් සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා ඇය පාර්ලිමේන්තුවේ ගැලරිය ට වී හිඳ මැති ඇමතිවරු විවාද සිදු කරනා ආකාරයද නරඹා ඇත.දේශපාලනයට පැමිණීම සඳහා පක්ෂයක් තෝරාගැනීමට නොහැකිව ඇය සිටින අවස්ථාවේදී ඇය එක්සත් ජාතික පක්ෂය වෙත නම්වා ගත්තේ ඇයගේ මිතුරියක් විසිනි. ඇයව සන්ධානයට එක්කර ගැනීමට ක්‍රියා නොකිරීම හේතුවෙන් රජයේ සංවේදී කලාකරුවන්ට දෝෂාරෝපණය එල්ලවී ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment