
මෙම ලිපියෙන් අප අවධානය යොමුකරනු ලබන්නේ අවස්ථා කිහිපයකදී පොලිසියේ උසස් නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳවය. අහිංසක දුප්පත් ජනතාවට "පුස්" පාට දමන පොලිස් නිලධාරීන් දේශපාලඥයින්, උසස් පොලිස් නිලධාරීන් ඉදිරියේ හැසිරෙන්නේ සුනඛයන් ලෙසිනි.
ඇතැම් පොලිස් නිලධාරීන්ට මෙය අදාළ නොවන අතර මෙය අදාළ වන්නේ වන්දිභට්ට පොලිස් නිලධාරින්ටය.
පහතින් දැක්වෙන ජයාරූප මගින් දැක්වෙන්නේ එවැනි අවස්ථාවන් කිහිපයකි.
කැලණිය ධර්මාශෝක විද්‍යාලය අසල අඹ අච්චාරු විකුණු අම්මගේ කතාව

67 වන පසුවන රූපාවතී මහත්මිය කැලණිය ධර්මාශෝක විද්‍යාලය අසල සුළු වෙළඳාමක් කොට ජීවත් වන්නියකි. පාසලේ ළමුන්ට ඇය කරුණාවන්ත අත්තම්මා කෙනෙකි. කොටි උවදුර තිබු සමයේ පටන් විදුහලේ හා එහි ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ අම්මා අවධානයෙන් සිට ඇත.
පසුගියදා පෑලියගොඩ පොලිසියේ පිරිසක් පැමිණ රූපාවතී මහත්මියගේ පලතුරු තට්ටුව බිමට ඇද දමා එතනින් ඉවත්වෙන ලෙස දෙනෝදාහක් ඉදිරියේ තර්ජනය කොට ඇත. පොලීසිය ගිය පසු සිත්වේදනාවෙන් සිය කඳුළු පිසූ ආකාරය ඉහත ජයරූපයෙන් දැක්වේ.
කළුතර බෝධිය අසල මල් විකිණු කාන්තාවන් පාරට ඇද දමා ඔවුන්ට නඩු පැවරීම

ඉහතින් දැක්වෙන කාන්තාව වසර ගණනාවක් තිස්සේ කළුතර බෝධිය අසල මල් විකුණමින් ජීවත් වූ අයෙකි. එම ලැබෙන සුළු මුදලින් සිය දරු පැටියා ජීවත් කිරීම ඇගේ එකම අරමුණ වුවා විය හැක. මල් විකිණීම සඳහා බදු ගෙවා වෙනම මල් තට්ටුවක් ගැනීමට නැති ඇය පොලීසිය විසින් පාරට ඇද දමා ඇත. ඉන් නොනැවතුණු පොලීසිය අනවසරයෙන් වෙළඳාම් කිරීම පිලිබඳ නඩු පවරාද ඇත.
දුමින්ද සිල්වා ගේ ආගමනයට සැලයුට් ගැසූ පොලිස් නිලධාරියා

දුමින්ද සිල්වා කව්රුන්ද යන්න මෙහි අමුතුවෙන් අටුවා ටීකා කීමට අනවශ්‍යයය. දුමින්ද සිල්වා වෙඩි හුවමාරුවෙන් ලද තුවාල වලින් විශ්මයජනක ලෙස තුවාල ලබා වෙඩි තැබූ සිදුවීම් පමණක් මතකයෙන් නැතිවී නැවත සිය නිවස කරා පැමිණි අවස්ථාවේ ඔහුට පොලිස් නිලධාරියෙකු ගරු කල අන්දම.
විශ්‍රාමික DIG ගාමිණි සිල්වාට පොලිස් රථ වාහන අංශයේ නිලධාරියෙකු දන ගැසූ අයුරු


Put the internet to work for you.
Post a Comment