නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත වෙයි

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නායක නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත වී ඇත. කලක පටන් රෝගාතුරව සිටි මැන්ඩෙලා පසුගිය දින කිහිපයේ අසාධ්‍ය රෝගී තත්වයෙන් පසුවන බව විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබිණි. 

1918 ජූලි 18 වැනිදා උපත ලද මැන්ඩෙලා මිය යන විට වයස 95 කි. දකුණු අප්‍රිකාවේ මුල්ම ස්වදේශික ජනාධිපති නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලා ප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා විය. 

ජනාධිපති ධූරයට පත්වීමට ප්‍රථම මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව කටයුතු කළ අතර අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයා මෙන්ම එහි සන්නාහ සන්නද්ධ දේශපාලනඥයකු ලෙස කටයුතු කරන ලදී. 

වසර 27 ක සිර දඬුවමක් විඳි මොහු ඉන් වැඩි කාලයක් රොබින් දූපතේ ගත කරන ලදී. විවිධ අපරාධවලට සම්බන්ධ වීම හා දේපල අලාභ හානි කිරීම යන කරුණු සිරගත වීමට බලපෑ අතර වර්ණ භේදයට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කිරීම ද ඊට බෙහෙවින් බලපෑ කරුණක් විය. 

බන්ධනාගාරයෙන් නිදහස් වී වසර හතරකට පසුව ඔහු දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා බවට පත්විය. දශක හතරක් පුරාවට සම්මාන සියයකට අධික ප්‍රමාණයකින් පිදුම් ලැබූ මැන්ඩෙලා 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කීය. 

ඉන් අනතුරුව 1999 දී ඔහු පදවියෙන් ඉල්ලා අස්වුණු නමුත් දිගටම ජාත්‍යන්තර තලයේ ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කළේය.විශේෂයෙන්ම ළමා අයිතිවාසිකම් සහ එච් අයි වී සහ ඒඩ්ස් ආසාදිත දරුවන් වෙනුවෙන් ඔහු ජාත්‍යන්තර තලයේ දියත් කළ ව්‍යාපාරය, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ තාබෝ ම්බෙකි සමඟ මතභේදවලටද තුඩු දුන්නේය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment